බිඟුන් මේනක ගමගේ
උතුරේ යුද්ධය නිමා කළ පරිදි අලි මිනිස් ගැටුම නිමා කළ නොහැකි නමුත් සරත් ෆොන්සේකා ඇමැතිවරයා වන අලින්ට එරෙහිව අවි අමෝරාගෙන එවැනි වැරැදි පිළිවෙතකට අවතීර්ණව ඇතැයි පරිසර සංවිධාන 18ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වසර එකහමාරකින් විසඳීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් ඇමැතිවරයා මෙම පිළිවෙතට අවතීර්ණව ඇතැයි ඔවුහු පවසති.
මිනිස් ක්‍රියාකාරකම් සහිත සියලු ප්‍රදේශවලින් වන අලින් දහස් ගණනින් පන්නා රක්ෂිතවලට කොටු කිරීමටත් ප්‍රශ්නකාරී තනි අලි ජීවිතාන්තය දක්වා සිර කිරීමටත් මෙමගින් යෝජනා කර ඇතැයි එහි සඳහන් වේ.
මෙය අලි කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට පටහැනි සියලු විද්‍යාත්මක සොයා ගැනීම්වලට විරුද්ධ යථාර්ථවාදී නොවන වැඩපිළිවෙළක් යැයි ඔවුහු අවධාරණය කරති.
මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීමට උත්සාහ කිරීමෙන් පවා අලි මිනිස් ගැටුම තවත් නරක අතට හැරී වන අලි සංහාරයක් බවට එය පත්වනු ඇතැයි ද එම පරිසර සංවිධාන වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'මිනිස් ක්‍රියාකාරකම් සහිත සියලු ප්‍රදේශවලින් වන අලින් දහස් ගණනින් පන්නා රක්ෂිතවලට කොටු කිරීමටත් ප්‍රශ්නකාරී තනි අලි ජීවිතාන්තය දක්වා සිර කිරීමටත් මෙමගින් යෝජනා කර ඇතැයි එහි සඳහන් වේ.' පවතින අර්බුදය විසඳාලීමට ගත හැකි හොඳම විසඳුම තමයි ඒක. ඇයි පරිසරවේදීන් විරුද්ධ වෙන්නේ. ඔවුන්ට විකල්ප යෝජනාවක් තියෙනවද?
මේ ආණ්ඩුවම ආපු දවසේ ඉදන් කරන්නේ මහා පරිමාණ වංචායි, දුෂනයි, ඉඩම් මංකොල්ලයි, අසාර්ථක ව්‍යාපෘතියි, අසාර්ථක ඇමති මාරුයි විතරමයි. අවුරුදු 3ක කාලයක කල හැමදේම අසාර්ථකයි.මම දන්නා තරමින් නිදහසෙන් පසු බිහි වෙච්ච අසාර්ථකම, අභාග්‍යසම්පන්නම පාලනය මේ පාලනයයි.
ඉතින් කියපල්ලකෝ ඔය ප්‍රශ්නෙට මොකක්ද කරන්ට ඕනේ කියල.ඔය අලි ප්‍රශ්නේ දුක් විදින්නේ අහිංසක මිනිස්සු මිසක් කොළඹ පරිසර සංවිධායකයෝ නෙමෙයි.....විරුද්ද වෙන්ට පුළුවන් ඕනෙම කෙනෙකුට විසඳුම් දෙන්ට තමා අමාරු.එක්කෝ අලි ඉවත් කරන්ට ඕනේ නැතිනම් මිනිස්සු ඉවත් කරන්ට ඕනේ. එහෙම නැතිනම් ඔය අලි ටික එක්කම වනාන්තරෙත් චීනෙට දුන්නනම් හරි.
ඇමතිතුමාගේ වෙන වැඩ කෙසේ වෙතත් මේ යෝජනාවට මගේපුර්ණ සහයෝගය. ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ මිනිසාට මිස වල අලියාට නොවේ.
ඔය පරිසර සංවිධානයක අයෙක්ගේ කාට හරි අලියෙක් ගහල තිබ්බ නම් ඔහොම කියන එකක් නැහැ
කරන්න පුළුවන් දෙයක් කල යුතුයි. මොකද්ද කියන විද්‍යාත්මක ක්‍රමේ, අපේ රටට මොකද්ද වෙලා තියෙන්නේ මොකක් කරන්න ගියත් මොකෙක් හරි දොඩවනවා කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ.
ඔය පරිසරවේදීන් යයි කියා ගන්නා බොහෝ දෙනා අද වාසය කරන කොළඹ, මහනුවර, ගාල්ල වැනි ප්‍රදේශ අද මහා නගර සේ දිස්වුවාට, පසු ගිය ශතවර්ෂයේ මුල් බාගයේ ඒවා කුඩා ප්‍රදේශ වලට පමණක් සිමාවූ නගර වූ අතර, ඒවා අද තිබෙන විශාල නගර බවට පත්වීමේදී ඒවා අවට තිබු වනාන්තර එලිවී ඒවායේ ජීවත් වූ වනසතුන් පලවා හැරීමට සිදුවිය. මේ පරිසරවේදීන්ට අද තමන් වෙසෙන ප්‍රදේශවල එදා සිදුවුණු පරිසර හානිය ගැන ප්‍රශ්නයක් නැති අතර, අද රටේ අනිත් ප්‍රදේශ වල මිනිස් ජනාවාස ඇතිවෙන විට සිදුවන වනසතුන් පලවා හැරීම ගැන මහා කැක්කුමක් ඇත. පරිසරවේදීන්ගේ මතයට අනුව මේ වන අලින්ගෙන් තමන්ට හානියක් නොවනතාක්කල් එය රටේ ප්‍රශ්නයක් නොවේ. මා සිතන්නේ ගොවි ජනපද ඇති ප්‍රදේශවලින් වන අලින් ඉවත්කොට රක්ෂිතවලට කොටු කිරීමට වන ජීවී ඇමැතිවරයා ගත් තීරණය නිවැරදි වන අතර, එම ක්‍රියාව වසර එකහමාරකින් නොව, වසරකින් නිම කල හැකි නම් හොඳ බවයි.
පරිසර සංවිධාන යැපෙන්නේ ඩොලර් වලින්. එන්ජීඕ ඔය අයට විසඳුම් දෙන්න පුළුවන් වෙන්න එපැයි..
අලි මරලා මිනිස්සු විතරක් ඉන්න ඕන කියලා නොකියා කියන සමහරු දැක්කම මේ බෞද්ධයෝද කියල හිතෙනවා
මෙහි දක්වා ඇති සමහර ප්‍රතිචාර ගැන ඇතිවන්නේ විශාල කණගාටුවක්. ස්වාභවික පරිසරය විනාශ කරමින් දීර්ඝ කාලීනව මිනිසුන්ටද පැවැත්මක් නොමැති බව මෝඩ මිනිසුන්ට තේරෙන්නේ තව දශක කීපයක් ගිය විටය. අලි ගම් වැදීමට හේතුවද මිනිසුන්මය. වනාන්තර විනාශ කරන විට උන් අහිංසක මිනිසුන්ගේ ගම් වලට කඩා වදිමින් මිනිස් ජීවිතද දේපලද විනාශ කරයි. එය කණගාටුවට කාරණයක් වුවද අලි ඇතුළු සියලු සතුන් විනාශ කිරීම තුලින් මිනිසාට වෙන යහපතක් නොමැත. මේ සියලු දේටම වගකිය යුතු වන්නේ අවස්ථාවාදී දේශපාලකයන්ය. ඔවුන් හිතුමතේ කල වන විනාශය නිසා සිදුවූ දෙයට වන්දි ගෙවන්නේ අසරණ මිනිසුන් සහ සතුන්ය. මිට ඇති එකම විසදුම පවතින වනානන්තර ආරක්ෂා කරමින් තව වනාන්තර පුළුල් කිරීමත් වනාන්තර තුල කෙරෙන අනවසර වගාවන් නතර කිරීමත්ය.
අලි මිනිස් ගැටුම හටගත්තෙ අවිධිමත් පදිංචි කිරීම් සහ කැලෑ එලි කිරීම් නිසා. අපි අලියාගෙ ගෙදර පදිංචි වෙලා කියනවා අලි අපිට ගහනවා කියලා. මේ උඩ දාලා තියන අදහස් බැලුවම තේරෙනවා අපේ මිනිස්සුගෙ මානසිකත්වය. ස්වභාවධර්මය පැත්තකට දාලා කරන සංවර්ධනයකට පැවැත්මක් නෑ. මෙ තත්වයට සම්පූර්නෙන් වගකියන්න ඔනෙ දේශපාලන නූගතුන්..
ඔය පරිසර උදවිය කියන විදියට කරන්න ගියොත් මිනිස්සුන්ට වෙන්නේ අඟහරු ලෝකයට යන්න. හැබැයි පස්සේ එකටත් එයි.
තමන් රැඩිකල් යැයි සිතා සිටින ගතානුගතික මතධාරී මහත්වරුණි, මේ ගැඹුරු යතාර්ථය ඔබට වැටහේදැයි බලන්න එමගින් අදහස් කෙරෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් සහිත සියළුම ප්‍රදේශවලින් වන අලි ඇතුන් දහස් ගණනක් පන්නා රක්ෂිත වලට කොටු කිරීමත්, ප්‍රශ්නකාරී තනි අලින් සිය ගණනක් අල්ලා ජීවිතාන්තය දක්වා සිරගත කිරීමත් මගින් මෙම ගැටුම විසඳීමටය. මෙය අලි කළමනාකාරණ ජාතික ප්‍රතිපත්තියට සම්පුර්ණයෙන් පටහැනි, සියළු විද්‍යාත්මක සොයාගැනීම් වලට විරුද්ධ හා යථාර්තවාදීද නොවන වැඩපිළිවෙලකි. මෙය කිසිදා සාර්ථක කරගත නොහැකි අසාර්ථක වැඩසටහනක් නමුත්, එහි ඇති භයානකකම වන්නේ ඒ සඳහා උත්සාහ දැරීම මගින්ද අලි - මිනිස් ගැටුම් විශාල ලෙස උත්සන්න වීමත්, අලි ඇතුන් විශාල ප්‍රමාණයක් එමගින් මරණයට පත්වීමත්ය.